Wattegama
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් මනරම් වූත් සුන්දර වූත් ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් අනූන දළදා හිමිගේ පහස ලබන්නා සෙංකඩගල පුරවරයේ වලල ප්‍රදේශයේ ඉතා මනරම් වූ භූමි භාගයක පිහිටා ඇති විශාල සිසුන් සංඛ්‍යාවකගේ නැණ පහන් බබලවන්නා වූ ඒ පුණ්‍ය භූමිය නමින් වලල ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලයයි. දුම්බර සරසවිය නමින් ජනයා අතර ප්‍රසිද්ධ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය සී.ඩබ්.ඩබ්.කන්නංගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව නිමවන්නකි.එතැන් පටන් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිප් සතර හැදෑරීමට අවකාශය සලසාලන වලල ඒ.රත්නායක විදු මෑණියන් අභිමානයෙන් යුක්තව වැජඹෙන්නේ ජාත්‍යන්තර හා ජාතික තලය අතික්‍රමණය කළ විශාල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හා උගතුන් පිරිසකට තෝතැන්නක් වූ බැවිනි.
ආරම්භක මධ්‍ය විද්‍යාල අතර ප්‍රමුඛයා බවට පත්වීම
කිත්ගොස ලෙව් පුරා විහිදුවා හිරුකිරණ විලසින් විදුනැණ සව් කලා පුබුදුවා දිරිය දරුවන් නගන්නට හෙළ දැය පෙර සිරිත ගරු කරමින් අබිමන් සිත දරා මෙවර පුරමු තුටියෙන්