පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg

ළදා හිමිගේ පාසා ලබන්නා වූ ඉතා මනරම් වූ භූමි භාගයක පිහිටා ඇති ව

වලල ඒ රත්නායක විදු මෑණියන් වසර අසුවක් පුරාවට තම දූ දරුවන් හට නැණ දෙකින්ම සුපෝෂණය කරමින් යහපත් පුරවැසියන් බිහිකිරීමේ ලාභ විශාල කාර්යභාරයක් ඉටු කරයි

 එදා මෙදා තුර ලක්මාවට විශාල සේවාවක් ඉටුකරන අප විද්‍යාලය ආරම්භය 1926 දක්වා ඈත කාලයට දිව යයි ුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය වන මෙම යුගයේදී පොල් අතු මඩුවකින් වළල විදුමෑණියන්ගේ ආරම්භය සනිටුහන් විය.

 ඉන් පසුව නිදහස් අධ්‍යාපනය සෑම දරුවකුටම ලබාදීමට සමත්කළ සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය අනුව අබේරත්න රත්නායක මැතිදුන්ගේ සහාය ඇතිව අප විද්‍යාලය 1944 දී වළලේරත්නායක මධ්‍ය විද්‍යාලයේ ලෙස රන් අකුරින් සනිටුහන් විය. 

වර්ෂ 1995 දී ක්‍රීඩා පාසලක් ලෙස නම් කරන ලද අප විද්‍යාලය විසි අට වසරකට ආසන්න කාලයක් ක්‍රීඩා පාසලක් ලෙස ශ්‍රී ලංකාවට  තරුෂි කරුණාරත්න දල්ෂි කුමාරසිංහ වැනි භවනීය ‍රීඩක ක්‍රීඩකාව රැසක් බිහි කර ඇත.

 ආරම්භයේම මධ්‍යවිද්‍යාල ලෙස මෙරටේ ජනාදරයට පත් වළලේරත්නායක මධ්‍ය විද්‍යාලයේ පළමු නියමු අවුයේ තෙන්නකෝන් විමලානන්ද මැතිතුමායි.

ක්‍රම ක්‍රමයෙන් පාසලේ යටිතල පහසුකම් ඉතා සංවර්ධන මට්ටමකින් පැමිණි අතරන් සිසුන් හා ගුරුවරුන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ ගියේය එසේම ක්‍රීඩාව හා අධ්‍යාපනය අතින් අප විද්‍යාලය ශ්‍රීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට අතිශයින්ම සමත් විය.

එසේම මීට ටික දිනකට පෙර අප විද්‍යාලයේ නිමවා වූ එච්.එම්.ඞී.එ හේරත් මහතා මහනුවර මහනුවර ්‍රධාන පාසලක වැඩබාරගත් අතර වර්තමාන වැඩ බලන විදුහල්පති ලෙස ආර්.ඩී.ජේ.කේ වික්‍රමසිංහ මෙනෙවිය කටයුතු කරයි.

නුදුරු අනාගතයේදී පවා මෙම පාසලේ කීර්ති නාමය තව තවත් මුළුල් ලංකාව පුරාවටම විදහා දැක්වීමට ශිෂ්‍ය මෙන්ම ගුරු කාර්ය මණ්ඩලයද බෙහෙවින් උත්සාහ කරන අතර මධ්‍ය විද්‍යාල අතර ප්‍රථමයා හා විශිෂ්ටයා බවට පත් වෙමින් තව තවත් ‍ක්‍රීඩා හා අධ්‍යාපන තත්ත්වවලින් ඉතා ම පරිපූර්ණ සිසු කැලක් බිහිකිරීමට අපි කටයුතු කරන්නෙමු. අප ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලයයි.

ආරම්භ කළ වර්ෂය

1944 ජනවාරි 24

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

12

මුල් ගුරුතුමාගේ නම

තෙන්නකෝන් විමලානන්ද මහතා

පාසලේ ආදි කතෘගේ නම

සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

03

පාසලේ නම

ඒ.රත්නායක මධ්‍ය විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1944 ජනවාරි 24

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර,වලල