ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg

ධවල සේල හැදි නීල ගිරිශිඛර
මුනි සිරිපා සිප ගලන මහවැලිය
වටවුණු දුම්බර නැගුණු නිධානය
ඔබමය අපරාජිත මෑණි

වන්දනීය භූමි
මැදි විදුහල් මැණී...//

සනරාමර සම්බුදු ගුණ අතුරා
අජරාමර මිනිසත් දම් අතුරා
දිවග උදානය හෙළ නම මතුරා
ජනිත වලල භූමි

වන්දනීය භූමි
මැදි විදුහල් මෑණි...//

බුද්ධි ශීල සේවිත ගුණ රක්ෂිත
විවිධ ශිල්ප භාවිත නැණ මිශ්‍රිත
ඉර හද පරදන මිණිමුතු ජීවිත
වැඩුණු පුණ්‍ය භූමි

වන්දනීය භූමි
මැදි විදුහල් මෑණි...//

භක්ති සුපුෂ්ප සුගන්ධය පැතිරී
හද පුදසුන මත රොන් සුණු තැවරී
නොනිමි සනාතන ගුණ ලොව ඉතිරී
නිති වොරැදේ මව්ණි

වන්දනීය භූමි
මැදි විදුහල් මෑණි...//