ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දිනය

IMG_9227.jpeg
IMG_9227.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

E.W.M.W.W.N.S.K.ඒකනායක මහතා

වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය මධ්‍යම පළාතේ ඉතා පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන දීප්තිමත් පාසලකි. දැනුම කුසලතා ආකල්ප අතින් අනූන දරු කැලක් සිටින අපේ පාසල කලාප පළාත් ජාතික හා අන්තර්ජාතික පයග්‍රහණ රැසකට හිමිකම් කියයි. මෙම ජයග්‍රහණ හ්‍රී ලාංකීය ඉතිහාසයේ පාසලකට ලගා වීමට නොහැකි තරම්ය.

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ශිෂ්‍යත්වධාරීන් සිත් සතර හදාරන කන්නන්ගර පාසලක් වන මෙයින් පහස ලැබූ අතිමහත් දරු පිරිසක් වර්තමානයේ ශ්‍රී ලංකා මාතාවගේ ඉදිරි ගමනට වේධ අංශයන් ඔස්සේ දායකත්වය දක්වයි.

වර්තමානය වන විට විසි එක්වන සියවසට ගැලපෙන කුසලතා සපිරි ගෝලීය පුරවැසියෙකු බිහි කිරීමට අවැසි විවිධ කුසලතා අත්පත් කර දීමට කටයුතු සිදුවන අතර තාක්ෂණික දැනුමෙන් පිළිබඳ දරු කළ බිහි කිරීමේ ක්‍රියාවලිය  සිදුකරන විද්‍යාලීය වෙබ් අඩවියේ සඳහා දායකත්වය දක්වන සියලු දෙනාට සුභාශිංසන පිරිනමමි.

E.W.M.W.W.N.S.K.ඒකනායක මහතා
නියෝජ්‍ය විදුහල්පති
ඒ රත්නායක මධ්‍ය ව්ද්‍යාලය.