වැඩ බලන විදුහල්පතිනි පණිවිඩය
ඉරෝෂා රණසිංහ මහත්මිය
දුම්බර තක්සලාව නම් විරුදාවලිය ලත් කන්ද උඩරටට අභිමානය ලත් කැන්දන මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල - වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය අධ්‍යාපනික මෙන්ම ක්‍රීඩා සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසකින් උපදී. ගුණ නැණ සුසැදී පරපුරක් බිහි කිරීමේ ලා මහැදි කර්තව්‍යක නියැලෙන පින් බිමයි. 21 වන සියවසේ ගෝලීය අවශ්‍යතා හදුන්වා ගනිමින් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ජාතික අරමුණු අනුව යමින් දේශයේ අභිවෘද්ධිය උදෙසා අනර්ගත අභියෝග ජය ගැනීමට පුරුවැසියන් ලෙස සිසුන් පුරුදු කරවීම වගකීමයි. මේ සදහා සුවිශේෂි හැකියාවන් ලැදියාවන් සහිත අධ්‍යන අනධ්‍යන කාර්‍යමණ්ඩලයක් සහ පහසුකම් සුසැදී භෞතික පරිසරයක් අප සතු වේ.
දුම්බර මිටියාවතේ මනරම් වූ භූමි භාගයක අක්කර 11ක් පමණ භූමිභාගයක් තුල විසිරී පවතින ආරම්භක මධ්‍ය විද්‍යාල පනස් හතර අතරේ අපගේ පාසල මුල්පෙලේ වැජඹේ. අනාගත ලෝකය යහපත් තැනක් කරවීමට මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීමෙහිලා මානව අගයන් ඉතා වැදගත් වේ.
අධ්‍යාපනය ලබා දීම යනු දැනුම කුසලතා මෙන්ම ආකල්ප සංවර්ධනය එකසේ වැදගත් වන සංකීර්ණ මානව ගනුදෙනුවකි. එහි සියුම් තැන් ප්‍රවේශමෙන් ස්පර්ෂ කළ යුතුව ඇත. පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබමින් නූතන තාක්ෂනය පිටුබලයක් කොට ගනිමින් ආදරණීය දරු කැල නිසි මහම අවතීර්ණ කරවීමට අප දරනා පරිශ්‍රමයට සියලුම ප්‍රජාවන්ගේ ආශිර්වාදය මෙන්ම සුබ පැතුම් අපේක්ෂා කරමු.
ඉරෝෂා රණසිංහ මහත්මිය
වැඩ බලන විදුහල්පතිනිය
ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය.





